සභාපති පණිවිඩය -


වානිජ අංශයෙන් අ.පො.ස උසස් පෙළ හෑදැරූ මා නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටින්නේ නීතිඥයෙකු වන්නට මා තුළ පැවති දැඩි කැමැත්ත හා උනන්දුව නිසාවෙනි. නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි පළමු අවස්ථාවේන්ම විභාගය සමත්වීම හා නීති විද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයකු ලෙස සිටියදි "නීර්තා" ආයතනය බිහිවන්නේ නීති ප්‍රවේශ විභාගය සමත්වීමේ නිවැරදි ක්‍රමවේදය සිසුන්ට ලබා දීමේ අරමුණනි.

අපගේ ඉලක්ක වලට අවංකව, උත්සාහවන්තව හා කැපවීමෙන් වැඩ කරන්නේ නම් අපගේ ඕනෑම අරමුණක් සඵල කළ හැකි බව මා තරයේ විශ්වාස කරන්නෙමි. 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ වරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රවිනිශ්චයකාරවරිය ඉදිරියේ මා දිවුරුම් දුන්නේ නීතිඥයකු වන්නට මා තුළ තිබූ සිහිනය සැබෑවක් කරමින් හා රටට වැඩදායී පුද්ගලයෙකු බිහි කරන්නට දෙමව්පියන් තුළ පැවති බලාපොරොත්තුව සඵල කරමිනි. නීතිඥවරයෙකු ලෙස වසර 09ක කාලය හා ගුරුවරයකු ලෙස වසර 12 ක කාලය තුළ මා ලැබූ අත්දැකීම් බොහෝය.එම අත්දැකීම් ඇසුරින් තමාගේ නීතිඥ සිහිනය සැබෑ කරගැනීමට හා ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන සුවහසක් සිසුන් වෙනුවෙන් මගේ දැනුම නොඅඩුව ලබා දීමට උත්සහා දරමි.

පසුගිය වසරවල නීති ප්‍රවේශයේ සිසුන්ට සිදුවු අසාධාරණකම් වලදී මා ඒ වෙනුවෙන් හඩ නැගු අතර ඒ තුලින් ශිෂ්‍ය අයිතිවාසිකම් රැසක් දිනා ගැනීමට හැකි විය. මුදලට පමණක් සීමා නොවී Neertha Android Mobile App එක, Neertha plus youtube චැනලය ,whatsApp group හරහා සිසුන්ට විෂය කරුණු නොම්ලේ ලබා දුන්නේ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ද නීති වෘත්තියට ප්‍රවිෂ්ට වන්නට දොරගුලු විවර කරමිනි.

නීති විද්‍යාලය හුදු නීතිඥවරුන් බිහි කරන ආයතනයක් ම පමණක් නොවන අතර මිනිසකු වශයෙන් දෙපසින් නැගී සිටීමට කියාදෙන සොඳුරු නවාතැනකි. නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් වල නියෝජනය ,තරග වැනි විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගිවීමෙන් තවත් බොහෝ අත්දැකීම් ඔබට ලබාගැනීමට හැකිවනු ඇත.නීති විද්‍යාලය තුළ නීති ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා වශයෙන් ද මා එකල කටයුතු කරන ලදී.

සමාජය පිළිගත් අභිමානවත්, ගෞරවනීය වෘත්තියක් වන නීතිඥ වෘත්තියට ඇතුළත්වීම සඳහා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සහ මාර්ගෝපදේශකත්වය නොඅඩුව ලබාදිමට මා ඇප කැප වන බව කියා සිටිමි.


M.A. නීත් උදේෂ (Attorney - at - Law)