නීතිඥ වෘත්තිය
නීතිඥ වෘත්තිය සමාජය පිළිගත් අභිමානවත් වෘත්තියකි. එම නිසාම බොහෝ අය නීති වෘත්තියට
ඇතුළත් වන්නට දැඩි කැමැත්තක් හා උනන්දුවක් දක්වති. ශ්‍රි ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල
සමාජ ගමන්මග වෙනස් කිරීමට දායකත්වය සැපයූ සුවිශේෂී චරිත රාශියක් වෘත්තියෙන් නීතිඥවරු
වෙති.
1833 ට පෙර ලංකාවේ නීතිඥවරු බඳවා ගැනීම සම්බන්ධ නිශ්චිත ක්‍රමවේදයක් නොතිබිණි. 1833
යුක්ති සන්නස මගින් නීතිඥවරු බඳවා ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලදී .
නීති විද්‍යාලය පාලනය කරන්නේ සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව මඟින් වන අතර එය 1873 දී
පිහිටුවන ලදී . නීති අධ්‍යාපන සභාව 1900 අංක 2 දරන නීති අධ්‍යාපන මණ්ඩල ආඥා පනතින්
සංස්ථාපනය විය. 1874 ඇරඹූ නීති විද්‍යාලය නීතිය පිළිබඳ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන
ලංකාවේ එකම ආයතනය වේ.
1833 යුක්ති සන්නස හා 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත අනුව නීතිඥවරු ලෙස බඳවා
ගැනීමේදී සලකා බලන කරුණු.
-
යහපත් චරිතය
-
මනා දැනීම
-
හැකියාව
1973 අංක 44 දරණ යුක්තිය පසිඳලීමේ පනත මගින් එතෙක් පැවති අද්වකාත්වරු සහ පෙරකදෝරු
ලෙස පැවති බෙදීම අහෝසි කර අතර "නීතිඥ වෘත්තිය" ස්ථාපිත කළ අතර ඒ අනුව නීතිඥ සංගමය
බිහි විය.
නීතිඥ වෘත්තියට ඇතුලත් විය හැකි ක්‍රම
-
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය
-
විවෘත විශ්විද්‍යාල LLB උපාධි ප්‍රවේශ විභාගය.
-
අ.පො.ස උ/පෙළ ඉහළම Z අගයක් වාර්තා කරන නීති පීඨයට. (කොළඹ/ පේරාදෙණිය/ යාපනය)
-
පෞද්ගලික විශ්ව විශ්විද්‍යාලයකින් LLB උපාධිය.
නීතිඥවරුන් වූ ලෝකයේ විශිෂ්ට චරිත
-
මහත්මා ගාන්ධි (ඉන්දියාව)
-
නෙල්සන් මැන්ඩෙලා( දකුණු අප්‍රිකාව)
-
ඒබ්‍රහම් ලින්කන් (ඇමරිකාව)
-
බැරැක් ඔබාමා (ඇමරිකාව)
-
ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් (ඇමරිකාව)
-
.මාග්‍රට් තැචර් (එංගලන්තය )
-
මොහමඩ් අලි ජින්නා (පාකිස්තානය)
-
ජෝ බයිඩන් (ඇමරිකාව)
නීතිඥවරුන් වූ ලංකාවේ විශිෂ්ට චරිත
-
පොන්නම්බලම් රාමනාදන්
(1910 දී ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වූ ප්‍රථම උගත් ලාංකිකයා)
-
පොන්නම්බලම් අරුණාචලම් (සිවිල් සේවයට බැඳුණු පළමු ලාංකිකයා)
-
S.W.R.D බණ්ඩාරනායක (අග්‍රාමාත්‍යවරයකු හා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා)
-
ඩඩ්ලි සේනානායක (අග්‍රාමාත්‍යවරයකු )
-
J R ජයවර්ධන (පලමු විධායක ජනාධිපති)
-
මහින්ද රාජපක්ෂ (ජනාධිපතිවරයෙකු )
-
.රනිල් වික්‍රමසිංහ (අග්‍රාමාත්‍යවරයකු )
-
ලලිත් ඇතුලත්මුදලි (මහපොළ නිර්මාතෘ)
-
ලක්ෂ්මන් කදිරගාමර් (විදේශ අමාත්‍යවරයෙකු)
නීතිඥවරයෙකු ලෙස ඔබට තෝරාගත හැකි වෘත්තිය අවස්ථා.
-
නඩු මෙහෙයවන නීතිඥ(Counsel)
-
උපදෙස් දෙන නීතිඥ (Instructing Attorney)
-
රජයේ අධිනීතිඥ (State Counsel)
-
සමාගම් ලේකම් (Company Secretary )
-
නීති නිලධාරී (Legal Officer)
-
මානව සම්පත් කළමනාකරු(Human Resources Maneger)
-
ප්‍රසිද්ධ නොතාරිස් (Notary)
-
රජයේ ඉහල තනතුරු වලට පත් වීම්.
-
විනිසුරු (Judge)