අප ගැන


අභිමානවත්, නීති වෘත්තියට පිවිසීමට බලා සිට්න සුවහසක් සිසුන් වෙනුවෙන් "නීර්තා" බිහිවන්නේ 2009 දීය. නුගේගොඩ සිසුන් 13 දෙනෙකුගෙන් හා මහනුවර සිසුන් 07 දෙනෙකුගෙන් ඇරැඹි "නීර්තා" නීති ප්‍රවේශ පන්ති අද වන විට දිස්ත්‍රික්ක 10 ක සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය දෙකෙන්ම පන්ති පවත්වන ලංකාවේ එකම ආයතනය වන අතර, දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගීවන, නීති ප්‍රවේශ පන්තිය බවටද පත්වී ඇත.

කෙටි කලකදී නීති විද්‍යාලය ප්‍රවේශ විභාගය හා විවෘත විශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාගයට පෙනී සිටින බහුතර සිසුන්ගේ පළමු හා එකම තෝරාගැනීම "නීර්තා" වූයේ පසුගිය වසරවල විශිෂ්ට ප්‍රතිඵල, නවතම ඉගැන්වීම් ශිල්පීය ක්‍රම භාවිතය , විභාග ඉලක්ක ගතකරමින් හඳුන්වාදුන් නවතම නිබන්ධන පෙල වැනි කරුණු නිසාවෙනි.

2018,2019 වසර දෙකේම නීති විද්‍යාල ප්‍රවේශයේ ප්‍රථමයා (සිංහල මාධ්‍ය) සහ 2019 නීති විද්‍යාල ප්‍රවේශයේ දෙවනිය සහ පස්වැනියා (ඉංග්‍රීසි මාධ්‍ය ) බිහිකිරීමේ ගෞරවය Neertha Law Academy සතුය. එමෙන්ම පසුගිය වසරවල විවෘත විශ්ව විද්‍යාලයේ LLB ප්‍රවේශ විභාගය සමත් බහුතර සිසුන්ද "නීර්තා" සිසුන් වේ.

අපගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් වු Online ක්‍රමයෙන් නීති ප්‍රවේශ පන්ති මූලින්ම ආරම්භ කරන්නේ ද "නීර්තා" ආයතනයයි. Online අධ්‍යාපන ක්‍රමයත්, නීති ප්‍රවේශය වෙනුවෙන් නිකුත් කළ නවතම ග්‍රන්ථ නිසා තවත් බොහෝ සිසු පිරිසක් "නීර්තා" සමග අත්වැල් බැඳගෙන ඇත.

නීති ප්‍රවේශ ජයමගේ විශිෂ්ටයා වන "නීර්තා" සමග එක්ව ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න.

මෙහවර (Mission)


ස්වාර්ථය පසෙකලා පොදු ජනතාවගේ ශුභ සිද්ධිය සහ යහපැවැත්ම උදෙසා පෙනී සිටින අභිමානවත් නීතිඥ පරපුරක් උදෙසා පෙරමං තැනීම.

දැක්ම (Vision)


නෛතික ධූරාවලියෙහි මෙන් ම රටේ සෙසු පරිපාලන ධූරාවලීන්හිත් විවිධ ස්තරයන් සඳහා කාර්‍යශූරත්වයෙන් හෙබි අවංක  නීතිඥ පරපුරක්  දායාද කරමින් වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා උර දීම.


ලංකාවේ නොයෙක් නීති ප්‍රවේශ පාඨමාලා තිබුණත් “නීර්තා” නීතී පාඨමාලාව ඔබ තෝරාගත යුත්තේ ඇයි ?

#පසුගිය වසර 12 තුළ දිවයිනේ 1,2,3 ඇතුළු වැඩිම සිසුන් පිරිසකට නීති ප්‍රවේශ  වරම් හිමි කරදුන් නීති පන්තිය වේ.

#ඕනෑම විෂය ගැටලුවක් සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර දීමට අපගේ ප්‍රවීණ ගුරු මණ්ඩලය ඇප කැප වී සිටීම.

# ඕනෑම විෂය කරුණක් පහසුවෙන් අවබෝධ වන ආකාරයට නිබන්ධන සකස්කර තිබීම.

# නීති ප්‍රවේශ විභාග සදහා පෙර පුහුණුවක් ලෙස සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට වෙනම ග්‍රන්ථ නිර්මාණය කර තිබීම.

# මල්ටිමීඩියා තාක්ෂණයෙන් සිසුන්ට තේරුම් ගැනීමට පහසුආකාරයට රූප සටහන් මගින් විෂය කරුණු පැහැදිලි කිරීම.

#සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ ගැටලු කාල කළමණාකරණයකින් විසදීමට සිසුන් වෙනුවෙන් “නීර්තා මොබයිල් ඇප්” නිර්මාණය කර තිබීම.

#"දිනුමයි දැනුමයි" තරගයේ ප්‍රශ්න “නීර්තා ප්ලස්”යූටුබ් නාලිකාව හරහා සාකච්ඡා කිරීම.

#වායු සමීකරණය කළ දේශන ශාලා

#සාමාන්‍ය පන්ති වලට සහභාගි වීමට අපහසු සිසුන්ට online තාක්ෂණය හරහා පවත්වන පන්තියක් ඇත.

#අනෙකුත් පන්ති වලට වඩා වැඩි කාලයක් වැය කර පැහැදිලිව හා නිරවුල්ව විෂය කරුණු පැහැදිලි කිරීම.

#සෑම ශිෂ්‍යයකු කෙරෙහිම පෞද්ගලික අවධානය

#සෑම දිනකම ඒකක දැනුම් පරීක්ෂණ හා පැවරුම් අභ්‍යාස ලබා දීම.

# ආදර්ශ විභාග පන්‍තිය තුළ පැවැත්වීම

#විශේෂ විභාග පෙරහුරු වැඩසටහන් ( Exam Week ) පැවැත්වීම.

# සාධාරණ ගාස්තු අය කිරීම.

#සිසු ගැටලු සාකච්ඡා කිරීමට පන්ති අවසන් වූ පසු සිසුන් වෙනුවෙන් වෙනම වෙලාවක් වෙන් කර තිබීම.